ඉෂ්ටකෂ්ට සාධනය
සිංහල විශ්වකෝෂය වෙතින්
09:57, 17 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රහයන්ගෙන් ඇති වන ශුභඵල ඉෂ්ට වශයෙන් ද අශුභඵ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ග්‍රහයන්ගෙන් ඇති වන ශුභඵල ඉෂ්ට වශයෙන් ද අශුභඵල කෂ්ට වශයෙන් ද හෝරා ශාස්ත්‍රයෙහි හැඳින්වේ. ඒ ඒ ග්‍රහයන්ගේ ඉෂ්ටකෂ්ට (ශුභාශුභ) බල හරියාකාර නිගමනය කරගත නොහැකි වුව හොත් ඔවුන්ගෙන් ඇති වන ඉෂ්ටානිෂ්ට ඵල ද අවබෝධ කරගත නොහැකි වේ. ඉෂ්ටකෂ්ට බල නිගමනය කරගැනීමට උපයෝගී කරගන්නා ගණිත ක්‍රමය ඉෂ්ටකෂ්ට සාධනය නමි.
(සංස්කරණය: 1970)