ඉස්මායිලි නිකාය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:25, 17 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මේ වනාහි ඉස්ලාම් ආගමේ ශීය ශාඛාවෙහි බලසම්පන්න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මේ වනාහි ඉස්ලාම් ආගමේ ශීය ශාඛාවෙහි බලසම්පන්න නිකායකි. ඉමාම්වරුන්ගේ සංඛ්‍යාව සත් දෙනකුට සීමා කරන ඉස්මායිලීයයෝ ඒ සත්වැන්නා සවැනි ඉමාම්තුමා වූ ජෆාර් අල් ෂාදික්ගේ දෙටු පුත් වූ ඉස්මායිල් යැයි සලකවමින් සිය නිකාය ද ඔහුගේ නමින් හඳුන්වති. එහෙත් සාමාන්‍ය ශීයයෝ ඉස්මායිල් ඉමාම් කෙනකු කොට නොසලකති. මත්පැන් බීමෙහි යෙදුනු ඔහු ඔවුන් සලකන්නේ අවිනීත පුද්ගලයකු ලෙසයි. එහෙත් ඉස්මායිලීයයෝ ඒ නිගමනය නොපිළිගනිති. ඔවුහු දේව නියමයෙන් ඉස්මායිල්ට ඉමාම් පදවිය ලැබිණැයි පවසමින් එසේ ලැබුණු එම පදවිය මත්පැන් බීම වැනි පවක් නිසා නැති නොවිය හැකියයි ද කියති.

වර්තමාන ඉස්මායිලීයයන්ගේ ධර්මය එක් අතකින් ශරතුස්ත්‍ර, ක්‍රිස්තු ආදි පුරාණතර ශාස්තෲවරයන්ගේ ධර්මයන්ගේ ද අනෙක් අතින් වේදාන්තාදි භාරතීය ධර්මයන්ගේ ද හෙළිය වැටුණු දර්ශනයකි. මේ නිකායේ නායකයා වනාහි ඉස්මායිල් ඉමාම්තුමාගෙන් පැවැත එන්නෙකැයි සැලකෙන ‘අගා ඛාන්’ යන නිල නමින් හැඳින්වෙන ප්‍රභුවරයෙකි. වර්තමාන අගා ඛාන්වරුන්ගේ තිර නිල නිවස ඇත්තේ බොම්බායෙහිය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉස්මායිලි_නිකාය&oldid=8509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි