ඇනොක්සීමියාව

සිංහල විශ්වකෝෂය වෙතින්
16:12, 22 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Anoxaemia). රුධිරයේ අඩංගු ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Anoxaemia). රුධිරයේ අඩංගු ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම යන අර්ථවත් මේ නාමය ශරීරයේ පටකවලට ඔක්සිජන් සපයා දීම බාධා කරන විවිධ තත්වවලට ව්‍යවහාර කරනු ලැබේ. පෙනහල්ලේ රෝගයක් නිසා හෝ රුධිර සංසරණයේ ක්‍රියා නොකිරීම නිසා හෝ රුධිරය පෙනහල්ල තුළින් යන විට එය සෑහෙන තරම් වාතය සමඟ මිශ්‍ර නොවීමෙන් හෝ රුධිරයේ හිමොග්ලෝබින් ප්‍රමාණය අඩු වීමෙන් හෝ ඇනොක්සීමියාව ඇති විය හැකිය.

ඇනොක්සීමියාව කලක් පැවතීමෙන් කෙනකුගේ සාමාන්‍ය පෝෂණයට පවා හානි ඇති විය හැකිය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇනොක්සීමියාව&oldid=8944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි