ඇන්ටිලිස් දූපත්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:28, 26 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බහමා දූපත් හැර සෙසු බටහිර ඉන්දියා දූපත්වලට සා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බහමා දූපත් හැර සෙසු බටහිර ඉන්දියා දූපත්වලට සාමූහික වශයෙන් භාවිතා කරන නාමයයි. පැරැණි යුරෝපීය පුරාවෘත්තවල ඇන්ටිලියා නම් දූපතක් ගැන සඳහන් වේ. 1424 දී අඳින ලද සිතියමක ද ඇන්ටිලියා නම් කල්පනාමාත්‍ර අත්ලන්තික් දූපත් සමූහයක් ලකුණු විය. 1493 දී අංගියෙරා නම් යාත්‍රිකයා ඇන්ටිලියා නාමය බටහිර ඉන්දියා දූපත්වලට යෙදීය. කියුබා, ජැමෙයිකා, හයිටි සහ ප්ව'ට රිකෝ දිවයින් මහා ඇන්ටිලිස් නමින් ද ප්ව'ට රිකෝ දිවයිනේ සිට දකුණු ඇමෙරිකාව දක්වා කැරිබියානු මුහුදේ විසිරී ඇති සෙසු කොදිව් සමූහය කුඩා ඇන්ටිලිස් හෙවත් කැරිබියානු දූපත් නමින් ද හඳුන්වනු ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්ටිලිස්_දූපත්&oldid=8962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි