ඇන්ටිලෙනන්
සිංහල විශ්වකෝෂය වෙතින්
15:42, 26 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඇන්ටිලීබන්). සිරියාව සහ ලෙබනන් යන දෙරට මායිමෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(ඇන්ටිලීබන්). සිරියාව සහ ලෙබනන් යන දෙරට මායිමෙහි ලෙබනන් කඳුවැටියට නැගෙනහිරින් එයට සමාන්තරව පිහිටි කඳුවැටියකි. දිගින් සැතපුම් 60ක් පමණ ද සාමාන්‍ය උසින් අඩි 6,000ක් පමණ ද වූ මෙහි හ'මන් නමැති උස් ම ශිඛරය අඩි 9,232ක් වේ.
මෙහි උතුරු භාගය වියළිය. එහෙත් දකුණු කොටසට හොඳින් ජලය ලැබේ. මිදි ආදි පලතුරු වර්ග ඇතැම් මිටියාවත්වල සරු ලෙස වැවේ.
(සංස්කරණය: 1967)