ඇන්ටිලෙනන්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:42, 26 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඇන්ටිලීබන්). සිරියාව සහ ලෙබනන් යන දෙරට මායිමෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඇන්ටිලීබන්). සිරියාව සහ ලෙබනන් යන දෙරට මායිමෙහි ලෙබනන් කඳුවැටියට නැගෙනහිරින් එයට සමාන්තරව පිහිටි කඳුවැටියකි. දිගින් සැතපුම් 60ක් පමණ ද සාමාන්‍ය උසින් අඩි 6,000ක් පමණ ද වූ මෙහි හ'මන් නමැති උස් ම ශිඛරය අඩි 9,232ක් වේ.

මෙහි උතුරු භාගය වියළිය. එහෙත් දකුණු කොටසට හොඳින් ජලය ලැබේ. මිදි ආදි පලතුරු වර්ග ඇතැම් මිටියාවත්වල සරු ලෙස වැවේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්ටිලෙනන්&oldid=8963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි