ඇන්තීමියස්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:27, 27 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ට්රැලීස්හි ඇන්තීමියස් නමින් ප්‍රකට මොහු සවන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ට්රැලීස්හි ඇන්තීමියස් නමින් ප්‍රකට මොහු සවන සියවසේ විසූ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියෙකි. ගණිත ශාස්ත්‍රඥයකු හා ඉංජිනේරුවකු වශයෙන් ද ඔහු ප්‍රසිද්ධ විය. ජස්ටීනියන් අධිරාජයාගේ අනුග්‍රහය පිට කොන්ස්තන්තිනෝපල් නගරයේ ශාන්ත සොපියා දෙව්මැදුර (ක්‍රි.ව. 532-37) සැලසුම් කොට ගොඩනංවන ලද්දේ ඇන්තීමියස් විසිනි. මෙය තැනීමේ දී ඔහුට මිලීටස්හි ඉසිඩෝරස් නමැති ගෘහනිර්මාණ ශිල්පියාගේ සහාය ද ලැබිණි. දාහක කාච (burning glasses) පිළිබඳ ග්‍රන්ථයක් ඇන්තීමියස් විසින් සම්පාදිතය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්තීමියස්&oldid=9018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි