උදකවාද්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
14:05, 20 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සූසැට කලාවන්ගෙන් එකකි. මෙය මුරජාදි භේරිතාඩනය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සූසැට කලාවන්ගෙන් එකකි. මෙය මුරජාදි භේරිතාඩනයෙන් නිකුත් වන හඬට බඳු ශබ්ද නැඟෙන සේ ජලය ඇසුරු කිරීමෙන් කරන ක්‍රීඩා විශේෂයක් වශයෙන් වාත්ස්‍යායනගේ කාමසූත්‍රයෙහි හැඳින්වේ. ජලාශයක තැබූ භාණ්ඩයකින් හෝ ජලයෙන් පිරූ පාත්‍රයකින් හෝ උදකවාද්‍යය කළ හැකි බව ජීවගෝස්වාමී නම් ආචාර්යවරයාගේ මතයයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදකවාද්‍යය&oldid=9106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි