උදය (ශ්‍රාවක)

සිංහල විශ්වකෝෂය වෙතින්
15:37, 20 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අසූ මහාශ්‍රාවකයන්වහන්සේ අතුරෙන් එක් රහත් නමක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අසූ මහාශ්‍රාවකයන්වහන්සේ අතුරෙන් එක් රහත් නමකි.

බාවරී තවුසාගේ ශිෂ්‍ය බ්‍රාහ්මණයකු වූ උදය පාරායන සමාගමයේ දී බුදුරජාණන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීය. එවිට ඔහු චතුර්ථධ්‍යානයට පැමිණ සිටියේය. ඔහු විසින් ප්‍රශ්න අසන ලද්දේ මෝක්ෂයත් අවිද්‍යාවත් සම්බන්ධයෙනි. ඒ පැන විසඳමින් බුදු රජුන් කළ දේශනාව අවසානයේ දී උදය තෙමේ චතුස්සත්‍යාවබෝධය කෙළේය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදය_(ශ්‍රාවක)&oldid=9109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි