උඩැක්කි උපත

සිංහල විශ්වකෝෂය වෙතින්
08:19, 24 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උඩැක්කි නම් බෙර විශේෂයෙහි පුවත පැවසෙන කවි පන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උඩැක්කි නම් බෙර විශේෂයෙහි පුවත පැවසෙන කවි පන්තියකි. සක් දෙවිඳුගේ ඇරයුමෙන් විස්කම් දෙවියන් නඳුන් උයනේ වූ සඳුන් රුකකින් කපාගත් අරටුවෙන් කළ බෙර කඳින් ද මාතලී දෙව්පුතු ගෙන ආ සම් කඩින් ද උපුල්වන් දෙවියන් මවාලූ ගැටිවැල් දෙකින් ද යුක්ත කොට සාදන ලද උඩැක්කිය මිනිසුන්ට යකුන්ගෙන් පැමිණෙන ලෙඩරෝග දුරු කරනු පිණිස ඊශ්වර දෙවියන් මෙලොවට දුන් පරිදි ඉන් කියැවෙයි. කවි එකොළොසකින් යුත් වූ මේ කවි පන්තිය කවිපතක් ලෙස සැපැයූ බව කවියා කියයි. හත්අඩි පුවත හා සමඟ පොතක් වශයෙන් පළ කරවා තිබීම නිසා එය පොත් සංඛ්‍යාවෙහි ලා සඳහන්ව තිබේ. උඩැක්කිය වැයීමෙන් කැරෙන ශාන්ති කර්මයෙහි දී කියනු පිණිස එය සපයා ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩැක්කි_උපත&oldid=9123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි