උද්ධකන්දරක
සිංහල විශ්වකෝෂය වෙතින්
14:35, 26 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(උද්ධකන්දරාඩී). දෙවනපෑතිස් රජුගේ සෝවුරු මහානා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(උද්ධකන්දරාඩී). දෙවනපෑතිස් රජුගේ සෝවුරු මහානාම උපරජු තමා මරනු පිණිස රජ බිසව විෂ යෙදූ අඹ එවූ හෙයින් ඇය කෙරෙහි කළකිරී අඹුදරුවන් හා සමඟ රුහුණට පලා ගොස් එහි අධිපතිව මාගම් පුරයෙහි වෙසෙමින් කළ බොහෝ විහාරයන් අතුරෙන් එක් විහාරයකැයි මහාවංසයෙහි (10. 3-9) සඳහන් වෙයි. ඒ පිළිබඳ අන් කිසි තොරතුරක් වෙනත් වංසකථා ආදියක දක්නට නොලැබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි යෝදකණ්ඩිය නම් ස්ථානයට සැ. 2ක් නැඟෙනහිරින් වූ ක්‍රිස්තු පූර්ව කාලයන්හි කරවන ලදැයි තදාශ්‍රිත ලෙන්ලිපිවලින් හෙළිවන පැරණි විහාරයක් “උද්ධකන්දර” යන නමින් මෙකල හැඳින්වෙයි. එහෙත් එය පැරණි උද්ධකන්දරක විහාරය ම බව ඔප්පු වන කිසිදු සාක්ෂ්‍යයක් මෙතෙක් සොයාගෙන නැත.
(සංස්කරණය: 1970)