උපවාන

සිංහල විශ්වකෝෂය වෙතින්
10:14, 2 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අග්‍රෝපස්ථායක තනතුර ආනන්ද ස්ථවිරයන්ට දී වදාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අග්‍රෝපස්ථායක තනතුර ආනන්ද ස්ථවිරයන්ට දී වදාරන්නට පෙර බුදුන් වහන්සේට උපස්ථායකව සිටි රහත් තෙර නමකි.

සැවැත් නුවර බමුණු මහාසාර කුලයක උපන් උපවාන පැවිදි බිමට පැමිණියේ අනේපිඬු සිටාණන් ජේතවනාරාමය පූජා කරන දින පහළ වූ නිරුපම බුද්ධානුභාවය දැකීමෙනි. උන්වහන්සේ නොබෝ කලකින් ම රහත් බව ලැබූහ. බුදුරදුන් අසනීපයකින් පෙළෙමින් හුන් අවස්ථාවක උපවාන තෙරණුවෝ දේවහිත නම් සිය මිත්‍රයකුගේ ද ආධාරයෙන් උණුපැනුත් බෙහෙතකුත් සපයා එම ආබාධය සුව වන්නට සැලැස්සූහ.

බුදුන් පිරිනිවන් මංචකයෙහි වැඩ සිටිය දී උපවාන තෙරණුවෝ පවන් සලමින් සිටියහ. එසේ සිටිය දී බුදුරජාණෝ “මහේශාඛ්‍ය වූ මෙම භික්ෂු තෙමේ සැම කල්හි ම බුදුන් සමඟ හැසිර දැනුත් බුදුන් ආවරණය කරගෙන සිටී” යයි දෙවියන්ගෙන් පැමිණිය හැකි චෝදනාවෙන් මුදවනු පිණිසත් බුදුන් පුදනු සඳහා පැමිණි දෙවියනට ඉඩ ලබා දෙනු පිණිසත් උපවාන හිමියන්ට එතැනින් පසෙකට වන්නට වදාළහයි සඳහන් වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපවාන&oldid=9198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි