උබේ
සිංහල විශ්වකෝෂය වෙතින්
15:03, 16 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජපානයේ හොන්ෂු දිවයිනෙහි යමාගුචි පළාතේ පිහිටා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ජපානයේ හොන්ෂු දිවයිනෙහි යමාගුචි පළාතේ පිහිටා ඇති තොටමුනු නගරයකි. මීට හිරෝෂිමාවේ සිට දුර ප්‍රමාණය සැතපුම් 75ක් පමණ වේ. මෙහි දේශගුණය සෞම්‍යය. වාර්ෂික වර්ෂාපතනය අඟල් 50 සිට 60 දක්වා වේ. වී, තිරිඟු හා බාර්ලි මෙහි ප්‍රධාන වැවිලිය. රසායන ද්‍රව්‍ය සෑදීම, රෙදි වියන යන්ත්‍ර තැනීම හා ස්වදේශීය ප්‍රයෝජනය සඳහා රටඅඟුරු කැණීම මෙහි ප්‍රධාන කර්මාන්තයෝයි. කෘත්‍රිම පැට්රෝලියම් නිෂ්පාදනාගාරයක් ද මෙහි පිහිටා තිබේ. මේ නගරය දෙවැනි ලෝක සංග්රාමයෙහි දී බෝම්බ ප්‍රහාරයට ලක් විය. ජනගහනය (1954) 146, 891කි.
(සංස්කරණය: 1970)