උමාපති උපාධ්‍යාය

සිංහල විශ්වකෝෂය වෙතින්
15:59, 16 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(13 වැනි සියවස පමණ). දැනට දක්නට ලැබෙන පැරණි ම මෛථි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(13 වැනි සියවස පමණ). දැනට දක්නට ලැබෙන පැරණි ම මෛථිලී භාවගීත රචනා කළ කවියායි. හෙතෙම මිථිලායෙහි අවසාන හින්දු රාජයා වූ නරසිංහ රජුගේ ඇමතියෙක් විය. ගණනින් විසි එකක් වූ ඔහුගේ මෛථීලී භාවගීත ‘පාරිජාතහරණ’ නමින් සංස්කෘත භාෂාවෙන් රචිත ක්ෂුද්‍ර නාටකයක බහාලන ලද්දේය. සමකාලීන නව ඉන්දු-ආර්ය සාහිත්‍යයෙහි උමාපතිගේ භාවගීත අද්විතීය ස්ථානයක් ගනී. පසු කාලයෙහි සිටි විද්‍යාපති (බ.) විසින් හෙතෙම අනුගමනය කරන ලදි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උමාපති_උපාධ්‍යාය&oldid=9492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි