උම්මදන්තී ජාතකය

සිංහල විශ්වකෝෂය වෙතින්
08:36, 18 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජාතකපාළියෙහි උම්මදන්තී ජාතක නමින් ඇති ජාතකකථ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජාතකපාළියෙහි උම්මදන්තී ජාතක නමින් ඇති ජාතකකථාව සිංහලයෙන් පැවැසීම් විසින් කරන ලද ග්‍රන්ථයකි. ජාතකපාළියෙහි කථා සිංහලයට නැඟීමෙන් කරන ලද පන්සියපනස් ජාතකපොතෙහි ජාතකකථා සංඛ්‍යා වශයෙන් කීපයක් අඩුය. උම්මදන්තී ජාතකය ඉන් එකකි. උම්මදන්තී ජාතකය සිංහලයට නැඟීමට එය එක් හේතුවක් වන්නට ඇත. එහි රචනා විලාසය පන්සියපනස් ජාතක පොතෙහි ඇති රචනා විලාසයට බෙහෙවින් වෙනස් වූ විචිත්‍රබවක් ගෙන සිටී.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැඩ විසූ දැරමිටිපොළ ධම්මරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන්ගේ ශිෂ්‍ය කණුමුලේ ධම්මානන්ද ස්වාමීහු උම්මදන්තී ජාතකය සිංහලයට නඟාලූවෝය. කර්මවාක්‍ය කීම, යුගසූත්‍ර කීම, පාමොක් දෙසීම, අනුශාසනා ධර්ම දේශනා කිරීම ඈ පිළිබඳව එහිමියන් මහත් කීර්තියක් ලබා සිටියහයි කියනු ලැබේ. වාග්මාලාව ප්‍රාසපදයන්ගෙන් විචිත්‍ර කොට සුදුසු ලතාවෙන් මධුරස්වරයෙන් අස්වා කීමෙහි එහිමියන් සතුව පැවැති කුශලතාව ඒ මහත් කීර්තියට හේතු වූ බව කිව යුතුය. බෙහෙවින් යෙදූ ප්‍රාසපදයන්ගෙන් පද විචිත්‍ර කොට පාලියෙහි යම්තමින් සඳහන් කරුණු විස්තර විසින් දක්වා උම්මදන්තී ජාතකකථාව සිංහලයට නඟා ඇත.

දැනට මුද්‍රණයව ඇති සිංහල පන්සියපනස් ජාතකපොතේ (මුණසිංහ සංස්කරණය) අග අතිරේක වශයෙන් උම්මදන්තී ජාතකය ඇතුළත් කොට ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උම්මදන්තී_ජාතකය&oldid=9495" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි