උපචාලා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:57, 18 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සොහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සොහොයුරියකි. දඹදිව නාලක නම් ග්‍රාමයෙහි වංගන්ත බමුණා ඇයගේ පියා විය. රූපසාරි බැමිණිය මව වූවාය. සිය සොහොයුරු සොහොයුරියන් මෙන් මෝතොමෝ ද පැවිදිව කමටහන් වඩා රහත් වූවාය. පැවිදි වන්නට ප්‍රථම ඇය ලබා සිටි උපචාල නම් පුත්‍රයා ද කල්යාමේ දී බුදුසසුන්හි මහණව රහත් විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපචාලා&oldid=9511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි