ජීවන වියදම් පාරිතෝෂිකය (Cost of living bonus)
ජීවන වියදම් දර්ශකය මත පිහිටා ජීවන වියදම ඉහළ යන විට මූලික වැටුපට අමතර වශයෙන් කරන ගෙවීම මෙනමින් හැඳින්වේ. ජීවන වියදම් දර්ශකය ඉහළ යන ඒකක ගණනට අනුකූලව වැටුපට අමතරව මුදලක් ස්වයංක‍්‍රීය ව ම එකතු වේ. පළමුවන සහ දෙවන ලෝක සංග‍්‍රාම කාලවල දී කම්කරුවන්ට මෙසේ පාරිතෝෂිකයක් ගෙවන ලදි.
එංගලන්තයේ ජනප‍්‍රිය වූ මෙම ක‍්‍රමය ඉංග‍්‍රීසීන් විසින් ශී‍්‍ර ලංකාවට හඳුන්වා දෙන ලදි. මේ දක්වා එය සේවා ස්ථාන රැුසක ක‍්‍රියාත්මක වේ. විශේෂයෙන් හෝටල් සේවය, රෙදිපිළි කර්මාන්තය, මිනිරන් කර්මාන්තය, මුද්‍රණ සේවය, මෝටර් ප‍්‍රවාහන සේවය, සිනමා කර්මාන්තය, වරාය, බේකරි කර්මාන්තය යනාදි වෘත්තීන් සම්බන්ධව මෙම ජීවන වියදම් දීමනාව ගෙවනු ලැබේ. ශී‍්‍ර ලංකාවේ මෙම පාරිතෝෂිකය දෙනු ලබනුයේ පඩිපාලක සභා ආඥා පනත (Wages Boards Ordinance) යටතේ ය.
ජීවන වියදමට වැටුප් සම්බන්ධ කිරීමට තැත් කිරීමෙන් ගැනුම්කරුවන්ගේ ඉල්ලූම ධෛර්යවත් වන බැවින් එය උද්ධමනය වැඩිවීමට හේතු වේ. එහෙයින් ජීවන වියදම් පාරිතෝෂිකය ජීවන වියදම වැඩිවීමට තුඩු දේ. එවිට එවැනි පාරිතෝෂික ගෙවීමට ඇති ඉඩකඩ සීමා වේ. මේ අන්දමට ජීවන වියදම් පාරිතෝෂිකය විසින් ම එය තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාව නැති කර දමන නිසා උභතෝකෝටික ප‍්‍රශ්නයක් මතු වේ. මේ ක‍්‍රමය යටතේ ශ‍්‍රමිකයන්ට කරන ගෙවීම ඔවුන්ගේ පරිභෝජන වියදමට සම්බන්ධ කර ඇතුවා විනා, ඔවුන්ගේ ඵලදායීතාවට සම්බන්ධ කිරීමක් නැත. එහෙයින් ජීවන වියදම් පාරිතෝෂිකය යනු ශ‍්‍රමිකයන් ආර්ථිකයට දායක වන තරම මත රඳා පවතින්නක් නොව, එයින් ස්වාධීන ව පවතින්නකි. මේ අනුව ජීවන වියදම් පාරිතෝෂිකය ඵලදායීතාව නැතහොත් ශ‍්‍රමයේ නිමැවුම වැඩිවීමට හේතු වේ ද යනු සැක සහිත ය. එය ඔවුන්ගේ පරිභෝජන මට්ටම තරමක් දුරට ආරක්ෂා වීමට උපකාරී වුව ද ශ‍්‍රමයේ ආන්තික ඵලදාව ඉහළ යැවීමට කොතරම් දුරට ඉවහල් වේ ද යන්න නිශ්චිත නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ මහජන උද්ඝෝෂණවලට කන්දීමක් වශයෙන් මෙවැන්නක් පවත්වා ගෙන යෑමෙන් සමාජ ස්ථාවරභාවය රැුක ගැනීමට එය උපකාරී විය හැක. එහෙයින් මෙය දේශපාලන වශයෙන් වඩා ප‍්‍රයෝජනවත් විය හැක. එතකුදු වුවත් ආර්ථික වශයෙන් නම් එහි ඇති සාධාරණත්වයක් නැත. ඵලදාවෙහි වැඩිවීමක් නොමැති ව ම වැඩිපුර ගෙවීමක් අර්ථක‍්‍රමයෙන් ලබාගැනීමට මෙමගින් ඉඩකඩ සැලසෙන හෙයිනි. මෙයින් පෙනෙන්නේ මිල ගණන් ඉහළ යාම පසුපස ජීවන වියදම් පාරිතෝෂිකය ලූහුබැඳ ගිය ද කිසි දිනෙක ජීවන වියදම් පාරිතෝෂිකයට මිල ගණන් අල්ලා ගත නොහැකි වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අවුල් වියවුල්කාරී තත්ත්වයක් මතු විය හැකි බව ය.
ආර්ථික වශයෙන් අතාර්කික වුව ද සමාජීය වශයෙනුත් දේශපාලනමය වශයෙනුත් මෙම ක‍්‍රමය සාධාරණ හා ඉවසිය යුතු දෙයක් බවට පත් වෙයි. ජීවන වියදම් පාරිතෝෂිකය සමාජයේ බොහෝ දෙනකුට විශේෂයෙන් ම පහළ මට්ටමේ වැටුප් ලබන විශාල පිරිසකට සහනයක් වශයෙන් පවතී. එය දේශපාලන වශයෙන් ද හිතකර දෙයකි.
තිස්ස ඊරියගම