කලුදෑකඩ දෙවි
සිංහල විශ්වකෝෂය වෙතින්
15:04, 9 නොවැම්බර් 2016 වන විට චමිල ලියනගේ (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
යකුන් දමනයෙහි සමත්, බලසම්පන්න දෙවියෙකි. වන්නි ප්‍රදේශයේ ජනයාගේ ඇදහීමට ලක්ව ඇති මෙම දෙවියන්ගේ අණසක වඩාත් ම පවතිනුයේ මින්නේරි ප්‍රදේශයේ බව පෙනේ. මොහුගේ උපත පිළිබඳ කථා ප්‍රවෘත්තිය හ්යු නෙවිල්ගේ සිංහල පද්‍ය (Sinhala Verse) නම් පොතේ සඳහන් වේ. මෙම දෙවිඳුන්ට පූජා පිණිස වන්නි ජනයා මුට්ටි නැවුම් මංගල්ලය නොහොත් මුට්ටි කිරි ඉතිරීමේ මංගල්ලය යන නමින් හැඳින්වෙන පූජාවක් කරති.