උපචාර (1)

සිංහල විශ්වකෝෂය වෙතින්
15:31, 1 ජනවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සමීපයෙහි පැවැත්ම උපචාර නමි. එය යෙදෙන තැන් වශයෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමීපයෙහි පැවැත්ම උපචාර නමි. එය යෙදෙන තැන් වශයෙන් විවිධ වෙයි. පියවි ඇසට පෙනෙන පමණ වූ දුර ‘දස්සනූපචාර’ යයි ද පියවි ශබ්දය ඇසෙන දුර ‘සවනූපචාර’ යයි ද කියනු ලැබේ. එසේ ම එක් රියන් වියත් පමණ වූ අතට ළංව සිටියේ ‘හත්ථූපචාර’ නම් වෙයි. ගමහිමෙහි සිටි මැදුම් පිරිමියක්හුගේ ලෙඩ්ඩු පාතයක දුර ‘ගාමූපචාරය’යි. මෙලෙසින් ඒ ඒ තැන්හි යෙදෙන උපචාරය විමසිය යුතුය. පරිකර්ම භාවනාව මුහුකුරුවා පටිභාග නිමිත්ත උපන් තැන් පටන් වූ දියුණුවට පැමිණ ගත් කාමාවචර ස්වභාව ඉක්මවා නොසිටි භාවනාව ‘උපචාර භාවනා’ නමින් හැඳින්වේ. ඊට ‘කාමාවචර සමාධි’ යයි ද නමෙකි. අර්පණා චිත්තවීථියක උපදනා ජවන් සිත් සතරක් හෝ පහක් ඇති කල්හි පළමුවැනි හෝ දෙවැනි ජවන් සිත අර්පණාවට ආසන්න හෙයින් ද සමීපයෙහි පවත්නා හෙයින් ද ‘උපචාර’ යයි කියනු ලැබේ. බුද්ධානුස්සති ආදි දශකර්මස්ථානයන්හි අර්පණාව ද පූර්වභාග චිත්තයන්හි ඒකාග්‍රතාව ද ‘උපචාරසමාධි’ යයි කියනු ලැබේ; අර්පණාසමාධියට සමීපව පවත්නා හෙයිනි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපචාර_(1)&oldid=9799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි