උසූරි ගඟ

සිංහල විශ්වකෝෂය වෙතින්
12:27, 12 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සෝවියට් සංගමයෙහි ගංගාවකි. සිකෝටේ ආලීන් කඳුවල...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෝවියට් සංගමයෙහි ගංගාවකි. සිකෝටේ ආලීන් කඳුවලින් පටන්ගෙන උතුරට ගලා අමූර් ගඟට එක්වන මේ ගඟ සැතපුම් 450ක් දිගය. මෙහි අතු ගංගාවක් වන සුන්ගක්ස්කා ගඟ ඛන්කා විලේ දිය බැහැරට ගෙන යයි. මුලෙන් හා බිකින් මෙහි අනෙක් අතු ගංගා වෙයි. නැගෙනහිර මැංචූරියාව හා උතුරු ව්ලැඩිවොස්ටොක් අතර දේශ සීමාව මේ ගඟ ඔස්සේ වැටී ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උසූරි_ගඟ&oldid=9825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි