ඉලය
ක්ෂීරපායී සත්වයකුට සාමාන්‍යයෙන් ඉල ඇට යුගල 12 සිට 15 දක්වා තිබේ. සාමාන්‍යයෙන් මිනිසාට ඇත්තේ ඖරසික කශේරුකාවලට සන්ධි වූ ඉල ඇට යුගල 12කි. මේවායින් පළමු යුගල 7 උරෝස්ථිය සමගත් සන්ධි වී ඇත. මේවාට සැබෑ ඉල ඇට යයි කියනු ලැබේ. ඊළඟට තිබෙන යුගල තුනේ උදරීය කෙළවර උරෝස්ථියත් සමග කෙළින් ම සන්ධි නොවී ඒවායින් එකිනෙක ඊට ඉහළින් තිබෙන ඉල ඇටයත් සමග සන්ධි වී ඇත. මේවාට ව්‍යාජ හෙවත් බොරු ඉල ඇට යයි කියනු ලැබේ. ඉතිරි ඉල ඇට යුගල දෙකේ උදරීය කෙළවර කිසිවකට සන්ධි වී නැත. මේවාට පාවෙන ඉල හෙවත් මුක්තාග්ර ඉල ඇට යයි කියනු ලැබේ. ඇතැම් විට අසාමාන්‍ය ලෙස මිනිසාගේ ග්‍රෛවීය (cervical) කශේරුකාවකින් හෝ කටී (lumbar) කශේරුකාවකින් හෝ ඉල ඇට වැනි ප්රසරයන් ඇති වන්නට පුළුවන. අශ්වයා, අලියා හා කඟවේණා වැනි ක්ෂීරපායීන්ගේ ඉල ඇට යුගල 18 සිට 20 දක්වා දක්නට ලැබේ. ජලජ ක්ෂීරපායී සත්වයකු වන 'වේල්බෝන්' තල්මසාට ඇත්තේ ඉල ඇට යුගල 9ක් පමණි. උගේ පළමු ඉල ඇට යුගල 3 හැර අනික් ඒවා මුක්තාග්ර ඉල ඇට වේ.
පෘෂ්ඨවංශීන් සැම දෙනාට ම පාහේ ඉල ඇට තිබේ. එහෙත් ලැම්ප්රේ (lamprey) වැනි ආදි ජීත්ස්යයන්ට ද ගෙම්බන් හා මැඩියන් වැනි උභය මවීන්ට (amphibians) ද ඉල ඇට නැත. ඇතැම් පෘෂ්ඨවංශීන්ට ඉල ඇට බොහෝ ගණනක් තිබෙන්නට පුළුවන. ඇතැම් විට ඒවා උරගයන්ගේ ග්‍රෛවීය ප්‍රදේශයෙහි ද පක්ෂීන්ගේ ශ්රෝණික (pelvic) ප්‍රදේශයෙහි ද විකසනය වේ. සමහර මත්ස්‍යයන්ට ද බොහෝ ඉල ඇට තිබේ.
මිනිසාගේ ඉල ඇටවල පහත සඳහන් ලක්ෂණ දක්නට ලැබේ. ඉල ඇට දෙකක් අතර අන්තර් පර්ශුකීය ප්‍රදේශයක් ඇත. මේ ප්‍රදේශ අතුරින් ඉදිරි පාර්ශ්වයේ තිබෙන ඒවා පිටිපසින් තිබෙන ඒවාට වඩා පළල්ය. තවද ඉහළ ඉල ඇට අතර තිබෙන ප්‍රදේශ පහළ ඉල ඇට අතර තිබෙන ප්‍රදේශවලට වඩා පළල්ය. ඉහළ ඉල ඇට පහළ ඒවා තරම් ඇලේට පිහිටා නැත. එක් එක් ඉල ඇටයට පූර්ව කෙළවරක් ද අපර කෙළවරක් ද මේ දෙකට අතරෙහි පවතින යෂ්ටිය (shaft) නම් කොටසක් ද ඇත. පර්ශුක කාටිලේජයේ පාර්ශ්වික කෙළවර ඇතුළත් කිරීම පිණිස ඉල ඇටයේ පූර්ව කෙළවරෙහි කෝප්පයක හැඩය ඇති කුඩා වළක් ඇත. අපර හෙවත් කශේරුකීය කෙළවරෙහි ශීර්ෂයක් ද කරක් ද වප්රිකාවක් (tubercle) ද ඇත. තුනී අස්ථි ස්තරයකින් කොටු කරන ලද වාහිනික (vascular), සවිවර ද්‍රව්‍යයකින් ඉල ඇටය සමන්විතය. රතු මිදුලු (marrow) අධික ප්‍රමාණයක් ඉල ඇටයක තිබේ.
ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ දී පෙණහැලිවල සංවාතනය (ventilation) සිදු වන්නේ ප්රාචීරයේ හා ඉල ඇටවල චලනයෙනි. පපු බිත්තියේ තිබෙන ඉල ඇට අන්තර් පර්ශුක පේශි මගින් චලනය කළ හැකිය.
(සංස්කරණය: 1970)

