අනිමිෂලෝචන පූජාව
පස්මරුන් දිනා බුදුබවට පැමිණි සිඞාර්ථ ගෞතමයන්වහන්සේ "අනෙක ජාති සංසාරං" යනාදින් උදන් අනා, "මම් මේ පලග (වජ්‍රාසනය හා ශ්‍රී මහා බෝධිය) උදෙසා චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි සසර සැරිසරා ආමි. මේ මාගේ වීරපර්‍ය්‍යංකය වෙයි. මෙහි හුන් මාගේ සියලු මනදොළ පිරිණ. දැන් ම මෙතැනින් නොනැගී සිටිමි"යි සිතා වදාරා නොයෙක් කෙළ සියදහස්ගණන් සමවත් සමවදිමින් සතියක් එහි ම වැඩහුන්හ. එකල ඇතැම් දේවතා කෙනකුන්ට "සිදුහත් කුමරු තවමත් පලග නොහරනේ කළ යුතු කිස ඇත්තේ වනැ"යි සිතෙක් උපන. එසඳ බුදුහු අහසට පැන නැඟී යමාමහ පෙළහර දක්වා දෙවියන්ගේ සැක සිඳ පලගින් ඊශාන දෙස වැඩ සිට "ඒකාන්තයෙන් මේ පලගෙහි හුන් මා විසින් සර්‍වඥතාඥානය ප්‍රතිවේධ කරන ලද, චතුරසංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතාවන්ගේ ඵලයට පැමිණි තැන මේයැ"යි පස්පෑ දිස්නා ඇස්සඟළ විදහා අනිමිෂලෝචනයෙන් හෙවත් පිය නොහෙළන ඇසින් බලබලා නෙත් කැලුම් නමැති අමාදියදහරින් බෝපලග තෙමමින් මෙන් සතියක් මුළුල්ලෙහි වැඩහුන්හ. මේ 'අනිමිෂලෝචන පූජාව' නමි.
(සංස්කරණය:1963)