අරිම්බු සුරුළු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
2-70-1.jpg
උඩරට කැටයම් කලාවට අයත් මෝස්තරයකි. අරිම්බුවක් (බිංදුවක්) මැදිකොට සතරවටින් ලතාකාරයෙන් අඳිනු ලබන වක් වූ රේඛාවන්ගෙන් සැදි සුළි (සුරුළු) සහිත වීම නිසා මෙම මෝස්තරයට අරිම්බු සුරුළු යන නාමය ව්‍යවහාර වේ. රන්කරුවන් විසින් හවඩි, පෙති මාල, මාලගාංචු, පටි ගාංචු ආදිය සෑදීමේ දී මෙම මෝස්තරය යොදා ගනු ලැබේ. සිතුවම් රාමුවල බොර දම් පටි මෝස්තරයක් වශයෙන් ද අරිම්බු සුරුළු යොදනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිම්බු_සුරුළු&oldid=7143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි