අරුන්ඩිනා
සිංහල විශ්වකෝෂය වෙතින්
(Arundina).
ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක.
අරුන්ඩිනා මිනෝර් නම් විශේෂය ලංකාවට දේශික වූ ශාකයකි.
(සංස්කරණය: 1965)