අල් බක්රි (අබු උබේද් අබ්දුල්ලා ඉබ්න් අද් අල් අසීස්)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1040-1094). අරාබි ජාතික භූගෝල විද්‍යාඥයෙකි. බක්ට් ගෝත්‍රයට අයත් මොහු උපන්නේ කෝර්දෝවා නගරයෙහි දී ය. එහි දී උසස් අධ්‍යාපනය ලබා අල්මේරියාව බාරව සිටි අමීර් යටතේ සේවයට බැඳුණේය.

ඔහුගේ 'මුදජම්' නමැති භූගෝල විද්‍යාත්මක කෘතියෙහි පැරැණි ඓතිහාසික සහ කාව්‍ය ග්‍රන්ථවල දැක්වෙන ස්ථාන නාම සවිස්තරව දැක්වේ. ‘කිතාබ් අල්-මසාලික් වත්’ල් මමාලික්' නමැති ග්‍රන්ථයෙහි මිසරය ඇතුළු උතුරු අප්‍රිකානු රටවල් පිළිබඳ භූගෝල විද්‍යාත්මක කරුණු ගමන් විස්තරයක් සේ දැක්වෙයි. ස්පාඤ්ඤය සහ රුසියාව පිළිබඳ විස්තරයෙන් ඉතිරි වී ඇත්තේ කොටසක් පමණකි.

මේ හැර මහම්මත්තුමාගේ ධර්මය පිළිබඳව සාහිත්‍ය කෘතියක් ද වාග්විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ තුනක් ද හේ නිෂ්පාදනය කෙළේය.

(සංස්කරණය: 1965)