අෂ්ටනාරී සන්දේශය
වන්දනාවේ යන ලෙසින් නාතගණයෙන් නික්මුණු තරුණ ස්ත්‍රීන් අටදෙනකුන් අත දිද්දෙණි දෙවොලෙහි කඳකුමරුන් වෙත අසුනක් යවන අයුරින් ලියන ලද දූත කාව්‍යයෙකි. ගත්කතුවරයා තමහට “සිත්පිනන ආසිරි යස ගුණ නුවණ දුන මැනවැ"යි මේ හසුනෙන් ඉල්ලා සිටී. ඔහුගේ නාමය හෝ රචනා කාලය සඳහන්ව නැත. එහෙත් මීට බොහෝ සෙයින් සමානකම් ඇති වන්දනාගමන් විස්තරයක් ප්‍රකාශ කරන 'නාරීසත්සඳෙස' නමැති කාව්‍යයෙක් ද වෙයි. එය මැටිඔළුව නම් ගමෙහි ශිල්පාධිපති ගණිතාචාර්යයා විසින් රචනා කරන ලද්දෙකි. රචනා දෙකෙහි ඇති විවිධ සමානකම් සලකන කිසිවෙක් අෂ්ටනාරී සන්දේශය ද ශිල්පාධිපති කවියාගේ ම කෘතියෙකැයි ද කර්තෘකාලාදිය දැක්වූ කවි කීපයක් ගිලිහී ගියා විය හැකි යයි ද සලකත්. මුද්‍රිත පොතෙහි ප්‍රමාණය පද්‍ය 76කි. ශිල්පාධිපති ගණිතාචාර්‍ය්‍ය කවියා ජීවත් වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයෙහිය. ඔහුට ජන්මභූමිය වූයේ වයඹ පළාතේ වල්ගම්පත්තු කෝරළයේ මැටිඔළුව නමැති ග්‍රාමයයි. දැනුදු ඔහුගේ පරපුරෙහි වූවෝ එගම්හි වෙසෙත්ල.
කාව්‍යකර්තෘහුගේ හසුන ගෙනයන ස්ත්‍රීහු නාත ගණයෙන් එළියට බැස මීගහකුඹුර, උයන්වත්ත, වල්පොළ හා කඩවත කැළේ පසු කොට කොල්ලෑගල, බටුපිටිය, රන්දෙණිවෙල, යද්දෙස්සාකන්ද හා දොළුකන්ද බලමින් දුනුපත්අංගෙ, වැල්ලාගල, මුදන්නාපොළ, මගුරුඔය, අළුපතගම, දෙමටවැව, බළලුවාඅගාර, තිස්සව, යොන්ගම, සේරුගොල්ල, දැදුරුඔය හා දිවුල්වැව පසු කොට දිද්දෙණි දේවාලයට පැමිණෙති. මේ දූතීන් විසින් කළ යුතු වූයේ හසුන්පත කඳකුමරුට දීම පමණෙකි.
(සංස්කරණය: 1965)