ආදි ඉබ්න් සෙයිද්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(604). මහම්මත් සමයට පෙර විසූ ක්‍රිස්තු භක්තික අරාබි කිවියෙකි. අල්-හීරයේ කුලීන පවුලකට අයිති වූ හෙතෙම රාජ සේවය පුහුණු වනු පිණිස පර්සියානු රාජ සභාවට යවන ලද්දේය. පෙරළා සිය රටට පැමිණි පසු ද පර්සියාවේ අබිමයිද් පරම්පරාවේ රජවරුන් හා සම්බන්ධකම් පැවැත් වූ හෙත‍ෙම විරුද්ධවාදීන් විසින් මරුමුවට පත් කරන ලදි. මිදි පානයත් ලෞකික බලයේ සහ උදාරත්වයේ අස්ථිර බවත් ඔහුගේ කාව්‍යවලට විෂය වූයේය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආදි_ඉබ්න්_සෙයිද්&oldid=6164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි