ආනන්ද මහිදෝල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආනන්ද මහිදෝල් (1925–46). ක්‍රි. ව. 1935 සිට Coolie), 1946 දක්වා තායිලන්තයේ රාජ්‍යය කළ රජෙකි. මෙතෙම මහිදෝල් කුමාරයාගේ පුත්‍රයා ය. වර්ෂ 1925 සැප්තැම්බර් මස ජර්මනියේ දී උපන් මෙකුමරු දෑවුරුදු වියේ දී තායිලන්තයට ගෙන එනු ලැබීය. 1935 සිට 1938 දක්වා කාලය තුළ මෙතෙම ස්විට්සර්ලන්තයේ දී තමාගේ මූලික අධ්‍යාපනය ලැබීය. 1935 දී වැඩිමහලු සොහොයුරු වූ ප්‍රජාදිපක් රජු සිංහාසනය හැර දමා යෑම නිසා ආනන්ද මහිදෝල් කුමාරයාට තායිලන්තයේ සිහසුන භාරගැනීමට සිදුවිය. එවිට මොහුගේ වයස අවුරුදු දහයක් වූයෙන් රාජ්‍යයේ පාලනය සඳහා මොහුට උපදෙස් දීමට නැතහොත් මොහු වෙනුවෙන් රට පාලනය කිරීමට තුන් දෙනකුගෙන් යුත් මණ්ඩලයක් පත්විය. මෙතෙම ස්විට්සර් ලන්තයේ සිට 1938 දී තායිලන්තයට පෙරළා ආ නමුත් ඒ අවුරුද්දේ දී ම නැවත ස්විට්සර්ලන්තයට ගොස් අවසාන වරට සියරට ආයේ 1945 දීය. තායිලන්තයේ නව පාර්ලිමේන්තුව 1946 ජූනි මාසයේ පළමුවන දා විවෘත කරන ලද්දේ මොහු විසිනි. මේ සිද්ධියෙන් දින කිහිපයකට පසු, එනම් එම මාසයේ ම 9 වන දා, සාහසිකයකුගේ වෙඩි පහරකින් තම මාළිගයේ දී ම මොහු මිය ගියේය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආනන්ද_මහිදෝල්&oldid=6283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි