ආන්වේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නැගෙනහිර චීනයට අයිති පළාතකි. එහි ප්‍රමාණය ව.සැ. 54.810කි. උතුරු කොටසෙහි හ්වයි ගඟ ගලා බසින්නා වූ ද විල් ගණනාවකින් යුක්ත වූ ද තැනිතලාවකි. දකුණෙහි පිහිටි හ්වයි යාං සහ දකුණු ආන්හ්වේ යන කඳුවැටිවලින් යුත් පහත් කඳුකරය ඔස්සේ යැංටිසි ගඟේ කොටසක් ගලා යයි. හු වුවෙයි විල ඇතුළු විල් පන්තියක්ද මෙහි ඇත. දේශගුණය අතින් උතුරු තැනිතලාවට වඩා දකුණු ප්‍රදේශය සෞම්‍යයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 30 ක් පමණ වේ. දියළු සහ ලොටස් යන සරු පසින් යුත් උතුරු තැනිතලාවේ තිරිඟු ආදි ධාන්‍ය ද කපු සහ බෝංචි ද දකුණෙහි තේ, වී සහ මල් ල්බෙරි ද වැවේ.

මෙහි විල් සහ ගංගා එකිනෙකට සම්බන්ධ කරන ඇළවල් රාශිය නිසා ගමනාගමනය පහසුය. හ්වයි ගඟ පිටාර ගැලීමෙන් වැළැක්වීම ප්‍රධාන අරමුණ සේ ගෙන ආරම්භ කරන ලද බහු-කාර්‍ය්‍ය ව්‍යාපාර ද වෙයි.

හ්වේයිනාන්හි අඟුරු ආකර ඇත. මාන්ෂාන් නගරය වානේ කර්මාන්තය අතින් ප්‍රධානය. තංතු සහ පන්වාං අවට ප්‍රදේශයෙහි යකඩ කර්මාන්තය ද කෙරේ. ටුංකවුන්ෂාන්හි තඹ කර්මාන්තය දියුණුය. 14 වැනි ශතවර්ෂයේ සිට 17 වැනි ශතවර්ෂය දක්වා ජියාංනාන් පළාතේ කොටසක් වූ මෙය වෙනම පළාතක් බවට පැමිණියේ 17 වැනි ශතවර්ෂයේ මංචු රාජ වංශ සමයෙහි දීය. 1938 දී එය ජපනුන් විසින් පැහැර ගන්නා ලදි.

එහි ජනගහනය (1953) 3,03,43,637කි. අගනුවර යැංටිසි මෝයෙන් සැතැප්ම 375ක් ඈතින් පිහිටි ගංතොටක් වූ ග්වයිනිං හෙවත් අන්කිංය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආන්වේ&oldid=6173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි