ඇම්පියරය
(Ampere). විද්‍යුත් ධාරාවක ප්‍රබලතාව මැනීම පිණිස ව්‍යවහාර කරනු ලබන ඒකකය ඇම්පියරය නමි. එය එසේ නම් කර ඇත්තේ ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයකු වූ ප්‍රංස ජාතික ආංද්‍රෙ මාරී ඇම්පියර් (බ.) සිහි කිරීම් වශයෙනි.
මූලික වශයෙන් ඇම්පියරය විද්‍යුත්-චුම්බක ඒකකයකි. නිරපේක්ෂ ඇම්පියරය යන්නට අර්ථ දක්වනු ලබන්නේ ඇබැම්පියරය නම් වූ ඒකකයෙන් 1/10 කියායි. ඇබැම්පියරය සෙ. ග්රෑ. ත. විද්‍යුත්-චුම්බක මූලික ඒකකය වේ. එහෙත් අන්තර්ජාතික ඇම්පියරයට අන් පරිද්දකින් අර්ථ දක්වා ඇත. තත්පරයක දී අන්තර්ජාතික කූලෝම (බ.) එකක් ගෙන යන විද්‍යුත් ධාරාව අන්තර්ජාතික ඇම්පියරය නම් වේ. එම ඇම්පියරය වනාහි ජලීය සිල්වර් නයිට්රේට් ද්‍රාවණයක් තුළින් යවනු ලැබූ විට තත්පරයකට රිදී ග්රෑම් 0.001118ක් තැන්පත් කරවන විද්‍යුත් ධාරාවයි. ධාරාවේ මෙම විද්‍යුත් විච්ඡේදක ඒකකය සාමාන්‍ය ඇම්පියරයට වඩා ස්වල්පයකින් (කොටස් 100,000ට 14කින් පමණ) අඩුය. එහෙත් ප්‍රායෝගික මිනුම්වල දී මේ වෙනස ගැන විශේෂ සැලකීමක් නොදක්වනු ලැබේ. පරීක්ෂණාගාරයන්හි වැඩ කිරීමේ දී ඇම්පියරය තරමක් විශාල බැවින් පහසුව තකා මිලි-ඇම්පියරය (ඇම්පියරයෙන් 1/1000) හා මයික්‍රො-ඇම්පියරය (ඇම්පියරයෙන් 1/1,000,000) භාවිත කරනු ලැබේ.
ඇම්පියරය = තත්පරයකට කූලෝම 1 = ඔම 1ක් තුළින් වෝල්ට 1ක් = වි.වු.ඒ. (සෙ.ග්රෑ.ත.) 10-1= ස්.වි.ඒ. 3 x 109.
(සංස්කරණය: 1967)