ඇවන්
(ඒවන්). බ්‍රිතාන්‍යයෙහි ගංගා කීපයක් ම මෙනමින් හැඳින්වේ. ඒවායින් ප්‍රධාන වනුයේ පහළ ඇවන් හෙවත් බ්‍රිස්ටල් ඇවන්, නැගෙනහිර ඇවන් හෙවත් හැම්ප්ෂයර් ඇවන් හා ඉහළ ඇවන් හෙවත් ෂේක්ස්පියර් ඇවන්ය.
පහළ ඇවන් හෙවත් බ්‍රිස්ටල් ඇවන්
ග්ලොස්ටර් ෂයරයේ කොස්ට්වෝල්ඩ් කඳුකරයෙන් පටන්ගෙන විල්ට්ෂයර් සහ සමර්සෙට් යන කෝරළ හරහා ගලා ඒවන්මවුත් නගරය අසල දී සෙව'න් ගංගා මුවදොරට එක් වේ. එතැන් පටන් බ්‍රිස්ටල් නගරය දක්වා නැව් ගමන් කළ හැකියි. සැ.75ක් පමණ දික් වූ මේ ගඟ අසල ඵෙතිහාසික බාත් නගරය පිහිටා තිබේ.
නැගෙනහිර ඇවන් හෙවත් හැම්ප්ෂයර් ඇවන්
විල්ට්ෂයරයේ මාල්බරෝ ඩවුන්ස් නම් පෙදෙසින් පටන් ගෙන සෝල්ස්බරි තැනිතලාව හරහා දකුණට ගලා ක්රයිස්ට් ච'ච් අසල දී ඉංග්‍රීසි ඕඩයට වැටේ. සැතැපුම් 60ක් පමණ දිගැති මෙහි සෝල්ස්බරි නගරයෙන් පහළ කොටසෙහි නැව් පවා ගමන් කරයි.
ඉහළ ඇවන් හෙවත් ෂේක්ස්පියර් ඇවන් හෙවත් වොරික් ඇවන්
නොදැම්ප්ටන්ෂයරයෙන් ඇරඹී වොරික් සහ ග්ලොස්ටර් යන කෝරළ හරහා ගලා ට්යුක්ස්බරි නගරයෙහි දී සෙව'න් ගඟට වැටේ. එතැන්හි සිට සැතැපුම් 17ක් දුරට නැව් යාත්‍රා කළ හැකිය. සැතැපුම් 96ක් පමණ දිග මෙම ගඟ ගලා යන්නේ පුළුල් තැනිතලාවක් මැදින්ය. ෂේක්ස්පියර් කිවියාගේ උපන් බිම වූ ස්ට්‍රැට්ෆඩ් ඔන් ඇවන් මේ ගඟබඩ පිහිටියේයි.
(සංස්කරණය: 1967)