ඉබ්න් හිෂාම්
සිංහල විශ්වකෝෂය වෙතින්
(?-834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛයාකරණයකු, භාෂා විශාරදයකු සහ ඉතිහාසඥයකු වශයෙන් ද ප්රකට ව සිටියේය. ඔහුගේ ප්රධාන කෘතිය ලෙස සැලැකෙනුයේ ඉබ්න් ඉෂාක් විසින් ලියන ලද මහමත්තුමාගේ ජීවන චරිතය සංශෝධනය කිරීමෙන් ලියූ ග්රන්ථය වේ.
(සංස්කරණය: 1970)