ඉරණමඩු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උතුරු පළාතේ කනකරායන් ආරු නමැති ගඟ හරහා වේල්ලක් බැඳ තනා ඇති පැරණි වැවකි. මෙහි ඓතිහාසික තොරතුරු තව ම අනාවරණය වී නැත.

මෙම ශත වර්ෂයේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වාරි කර්මාන්ත අතුරෙහි ඉරණමඩු ද වැදගත් වේ. ඉරණමඩු හා දිරිආරුකුලම් යන වැව් ආශ්‍රිතව කරච්චි සංවර්ධන ව්‍යාපාරය නම් වාරිමාර්ග වැඩ පිළිවෙළක් ඇත. අනුරාධපුරය-යාපනය මහාමාර්ගයේ 153 වැනි සැතපුම් කණුවට සැ. 2ක් පමණ නැගෙනහිරින් කනකරායන් ආරු ගඟ හරහා ප්‍රතිසංස්කරණය කර බැඳි වේල්ල නිසා මෙකල ඉරණමඩු වැව දිගින් සැතපුම් 5 ½ක් පමණ වේ. මෙහි වැව් කණ්ඩිය අඩි 9,900ක් දිගය. අක්කර 5,750ක් විශාල වූ මෙහි ධාරිතාව අක්කර අඩි 82,000කි. දිරිආරුකුලම් වැවෙන් ජල සම්පාදනය වන පෙදෙස ද ඇතුළුව අක්කර 10,600කට පමණ එයින් වාරිමාර්ග පහසුකම් සැලසේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරණමඩු&oldid=8150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි