ඉස්ලාමාබාද්-2
සිංහල විශ්වකෝෂය වෙතින්
කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයට සැතැපුම් 35ක් පමණ ගිනිකොන දිගින් පිහිටි නගරයකි. කලක් මෙය කාශ්මීරයේ අගනුවර වශයෙන් ද පැවැතිණ. මෙහි වර්තමාන නාමය අනන්ත්නාග්ය. ජනගහනය (1961) 21,087කි. අනන්ත්නාග් නුවර පිහිටි දිස්ත්‍රික්කය (2,814,000) ද එනමින් ම හැඳින්වේ. තහ්සීල් කොට්ඨාසයක් ද එනමි.
(සංස්කරණය: 1970)