උ
සිංහල විශ්වකෝෂය වෙතින්
සිංහල වර්ණ මාලාවෙහි (ඇ ඈ දෙක ද සමඟ ගත් කල්හි) සත්වන අක්ෂරයයි. පාලි, සංස්කෘත, ද්රවිඩා දි පෙරදිග භාෂාවන්හි ඊට පඤ්චම ස්ථානය දී තිබේ. එය ස්වරයකි. ව්යඤ්ජනාක්ෂරයකට එය ආරූඪ වූ බව දැක්වීමට අකාරාන්ත ව්යඤ්ජනාක්ෂරයට පාපිල්ලක් යොදනු ලැබේ (නි.ක්+උ=කු; ප්+උ=පු). උකාරය ඕෂ්ඨයෙන් (දෙතොලින්) උපදින බැවින් ඕෂ්ඨජාක්ෂරයක් වශයෙන් ද එක ම ස්ථානයක් ආශ්රිතව උච්චාරණය වන බැවින් ඒකජාක්ෂරයක් වශයෙන් ද හැඳින්වේ. උ ශබ්දයේ විවිධාර්ථ ඒකාක්ෂරකෝෂය ආදි ග්රන්ථයන්හි දැක්වේ.
වෘෂභ ලග්නයට ද ඉරු දිනයට ද කැති නැකතේ තුන්වන පාදයට ද හිමි වන මේ අක්ෂරය යථෝක්ත ලග්නයේ ද දිනයේ ද නැකතේ තුන්වන පාදයේ ද උපනුන්ට නම් තැබීමේ දී මුලකුරු වශයෙන් යොදනු ලැබේ.
උකාරයාගේ රූප විකාසය සිංහල විශ්වකෝෂයේ පළමුවැනි කාණ්ඩයේ 70, 71 පිටුවල දක්වා ඇත.
(සංස්කරණය: 1970)