උත්තර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඛල්ලාටනාග (බ.) රජුගේ වේමාතික සොහොයුරියක වූ සුමනා දේවියගේ පුතුන් තිදෙන අතුරෙන් එක් තැනැත්තෙකි. උත්තර සිය සොහොයුරන් දෙදෙනා වූ තිස්ස හා අභය සමග එකතු වී ඛල්ලාටනාග රජු මරා රාජ්‍යය ලබා ගැනීමට කුමන්ත්‍රණය කෙළේය. රජුට එය සැලවූයෙන් භීතියට පත් කුමරුවෝ තිදෙන පසුව අභයගිරිය ගොඩ නැඟූ ස්ථානයෙහි පිහිටි ගිරි නමැති ජෛන සාධුවරයාගේ ආරාමයට වැදී දරසෑයකට පැන සිය දිවි නසාගත්හ. රජු මෙහි ඔවුන් සිහිවීම පිණිස ‘අග්ගිපවිසක’ නම් ස්තූපයක් සෑදවූ බව මහාවංස ටීකාවේ සඳහන් වෙයි.

කුමන්ත්‍රණකාරී කුමරුන් තිදෙනා ජෛනාරාමයකට වැදී සිය දිවි නසා ගැනීමෙන් ඔවුන් ජෛනාගමට විශේෂ සැලකිල්ලක් දැක්වූවන් බවත් ඇතැම් විට එම කුමන්ත්‍රණයට ජෛනයන් ද සහභාගී වූ බවත් සිතිය හැකිය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උත්තර&oldid=9073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි