උත්පලාරණ්‍යය
සිංහල විශ්වකෝෂය වෙතින්
වාල්මීකි ඍෂිවරයාගේ ආශ්‍රමය තිබුණු වන ප්‍රදේශය මෙනමින් හැඳින්වෙයි. කුශ, ලව යන කුමරුවන්ගේ උත්පත්තිය සිදු වූයේ ද මෙහිය. කෝන්පූර් නගරයට සැතපුම් තුදුසක් දුරින් පිහිටි බිඨූර් ප්‍රදේශය උත්පලාරණ්‍යය වශයෙන් පුරාවිද්‍යාඥයෝ හඳුන්වති.
(සංස්කරණය: 1970)