උපාසිකා විහාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුරයෙහි භික්ෂුණීන්ගේ වාසය සඳහා තනවන ලද්දකි. මිහිඳු මාහිමියන්ගෙන් දහම් අසා පැහැදුණු අනුලා බිසව ප්‍රමුඛ කුමරියන් 500ක් සංඝමිත්තා මෙහෙණිය පැමිණෙන තෙක් දසසිල් සමාදන්ව මෙහි විසූ බව සමන්තපාසාදිකාවෙහි සඳහන් වෙයි. ඔවුන් උපාසිකාවන් ලෙස එහි විසූ නිසා එය උපාසිකා විහාරය නම් වී යැයි සිතිය හැකිය. පසුව සංඝමිත්තා මෙහෙණිය අතින් පැවිද්ද ලැබූ උපාසිකාවන් පමණක් නොව මෙහෙණිය ද උපාසිකා විහාරයෙහි විසුවාය. උපාසිකා විහාරයෙහි චූලංගණ, මහංගණ හා සිරිවඩ්ඪ නමැති මන්දිර තුනක් ඇතුළුව මන්දිර දොළසක් දෙවනපෑතිස් රජු කරවූ බව මහාවංසයෙහි සඳහන් වෙයි.

මෙහෙණින් සඳහා ලංකාවේ ප්‍රථමයෙන් ම ඉදි කරවන ලද විහාරය ද මෙයයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපාසිකා_විහාරය&oldid=9460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි