උරුවේලා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රුහුණේ අටදහස් රට ගුත්තල (බුත්තල) මඬුල්ලෙහි වූ ප්‍රදේශයකි. මේ ප්‍රදේශයෙහි උරුවේලා නමින් නගරයක් ද වැවක් ද විහාරයක් ද වූ බව චූළවංසයෙහි සඳහන් වේ. මොනරාගලට සැතැපුම් අටක් ගිනිකොනින් පිහිටා තිබෙන ඇතිමොලේ මධ්‍යතන යුගයෙහි පැවැති උරුවේලාව යයි හඳුනාගෙන ඇත. පළමුවන විජයබාහු රජතුමා උරුවේලා විහාරය ප්‍රතිසංස්කරණය කළ බව චූළවංසයෙහි එයි. පරාක්‍රමබාහු රජතුමාත් සුගලා බිසවත් අතර සිදු වූ සටනේ දී උරුවේලාව ප්‍රසිද්ධියට පත් විය. උදුන්දොර දී පරාක්‍රමබාහු රජතුමාගේ සේනාව හා සමඟ කළ සටනින් පරාජයට පත් සුගලා බිසව රැකවරණ පතා උරුවේලාවට ගිය බව සඳහන් වේ. ලක්දිව එක්සේසත් කිරීමෙන් පසුව පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් අතර උරුවේලා වාපිය (ඇතුමල හෙවත් ඇතිමොලේ වැව) ද සඳහන් වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරුවේලා&oldid=10651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි