ඌරුවෙල විහාරය
සිංහල විශ්වකෝෂය වෙතින්
කොළඹ දිස්ත්‍රික්කයෙහි සියනෑකෝරළය බද මැද පත්තුවෙහි ඌරුවෙල නම් ග්‍රාමයෙහි පිහිටා ඇත. මෙම විහාරය පිළිබඳව විහාර අස්නෙහි සඳහන් වේ. තිසර සන්දේශයෙහි ද ඌරුවෙල නමැති ගම සඳහන් වුව ද විහාරය පිළිබඳ සඳහනක් නොමැත.
කවරකු විසින් කුමන අවධියක දී සාදවන ලද දැයි යනු අවිනිශ්චිත වූ මේ විහාරය වළගම්බා රජුගේ කාලයට අයත්ය යනු සාමාන්‍ය පිළිගැනීමයි.
ගල් ලෙනක් තුළ කරවන ලද සෙල්මුවා සැතපෙන පිළිමයක් සහ වෙනත් ප්‍රතිමා කිහිපයක් ද මෙහි දක්නට ලැබේ. පැරණි සීමා මාලකයක් ද වෙයි. මෙයට ආසන්නව පිහිටි පිළිකුත්තුවේ ගල්ලෙන් විහාරය පැරණි ඌරුවෙල විහාරය යැයි සමහරු විශ්වාස කරති.
(සංස්කරණය: 1974)