ඌලුන්දි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු අප්‍රිකානු එක්සත් රාජ්‍යයෙහි සූලූලන්තයේ මහ්ලාබටිනි දිස්ත්‍රික්කයට අයත් කලක් රාජකීයයන්ගේ වාසභූමිය වූ ප්‍රදේශයකි. ඌලුන්දි යනු සූලූ භාෂාවෙන් උස් ස්ථානය යනාර්ථයි. මෙය ඩර්බන් නගරයට සැතපුම් 115ක් පමණ ගිනිකොනින් පිහිටා තිබේ. මීට නුදුරින් ගලායන හ්වයිට් අම්ෆොලෝසි ගඟේ මිටියාවත දීර්ඝ කාලයක් තිස්සේ සූලූ රජවරුන්ගේ වාසභූමිය විය. 1879 දී මෙහි ඇති වූ යුද්ධයක දී චෙම්ස්ෆඩ් සාමිවරයා විසින් සූලූවරු පරාජය කරන ලදහ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌලුන්දි&oldid=10731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි