ඌස්
(Ouse). ඌස් නමින් හැඳින්වෙන ගංගා තුනක් එංගලන්තයේ ඇත.
(1) නෝතැම්ටන්ෂයර්හි වයඹදිග හෙල්වලින් පටන්ගෙන බකිංහම්ෂයර්, බෙඩ්ෆඩ්ෂයර්, හන්ටිංඩන්ෂයර්, කේම්බ්‍රිජ්ෂයර් හා නෝෆක් කෝරළ මැදින් ගලන මහා ඌස් ගඟ උතුරු මුහුදේ වොෂ් නම් වූ කොටසට වැටේ. මෙහි මුළු දිග සැතපුම් 156කි. බකිංහම්, බෙඩ්ෆඩ්, හන්ටිංඩන්, සෙන්ට් අයිව්ස්, ඊලි හා කිංස්ලින් මහා ඌස් ගඟබඩ පිහිටි ප්‍රධාන නගරය. ගංමෝයේ සිට බෙඩ්ෆඩ් නගරය දක්වා නැව් ගමනාගමනය සඳහා නවීන පහසුකම් සලසා තිබේ.
(2) එංගලන්තයේ යෝක්ෂයර් කෝරළයෙහි වූ ඌස් ගඟ පෙනයින් කඳුවැටියේ නැගෙනහිර බෑවුමෙහි රීත් නගරයට වයඹ දිගින් පටන්ගනී. සැතැපුම් 61ක් දිග මෙම ඌස් ගඟ ගූල් නගරය සමීපයේ දී හම්බර් ගඟට එක් වේ.
නිඩ්, හ්වෝෆ්, එයාර්, ඩොන් හා ඩ’වන්ට් ඌස් ගඟට එක් වන අනෙක් ගංගාය.
(3) එංගලන්තයේ සසෙක්ස් ප්‍රදේශයේ ෆොරස්ට් රිජස් නම් වූ කඳු වැටියෙන් පටන්ගෙන දකුණු වෙරළේ නිව්හේවන් අසලින් ඉංග්‍රීසි ඕඩයට වැටෙන ගඟක් ද ඌස් නමින් හැඳින්වේ. එහි දිග සැතැපුම් 30කි.
(සංස්කරණය: 1974)