ඌස්වායා
සිංහල විශ්වකෝෂය වෙතින්
(Ushuaia). ආජන්ටිනාවේ ටියරා ඩෙල්ෆියෝගෝ ප්රදේශයෙහි අගනුවරයි. බ.දේ. 68°.23′ හා 54°50′ ආශ්රිතව බීගල් ඕඩය බඩ පිහිටි මෙය ලෝකයේ ඉතා ම දකුණෙහි පිහිටි නගරයයි. ආජන්ටිනාවේ සිරකරු ජනපදය ද මෙයයි. මෙනමින් හැඳින්වෙන අවට ප්රදේශයත් සමඟ ගත් කල මෙහි ජනගහනය (1947) 5,045කි.
(සංස්කරණය: 1974)