එන්ඩිමියොන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Endymion). ග්‍රීක දේව කථාවන්හි එන සුරූපී තරුණයකු වූ මෙතෙමේ සෙලීනී නම් සඳ දෙව්දුවගේ ආදරවන්තයාය.

එන්ඩිමියොන් කේරියාවේ ලැට්මස් කන්දේ සදහට ම නින්දක වැටී සිටියේය. ඔහුගේ මේ නිද්‍රාව තමා ම කැමැත්තෙන් ඇති කර ගත්තක් හැටියට හෝ මහ දෙවි සියුස්ගේ පතිනිය වූ හේරාට ආලය කිරීමේ වරදට ඔහු විසින් දෙන ලද දඬුවමක් ලෙස හෝ සැලකේ. එන්ඩිමියොන්ට කරදර නොවන පරිදි ඔහු වෙත යාමේ උපක්‍රමයක් වශයෙන් මෙය සෙලීනී ම යෙදූවක් හැටියට වෙනත් තැන්වල සඳහන් වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එන්ඩිමියොන්&oldid=11203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි