එයිතොකු
සිංහල විශ්වකෝෂය වෙතින්
(1543-90). ජපන් ජාතික චිත්රශිල්පියෙකි. ගෙන්ෂිරෝ කානෝ කුනිනොබු යනුවෙන් ද හැඳින්වුණු මෙතෙමේ කානෝ පරපුරෙහි පමණක් නොව මොමොයමා සමයෙහි ද විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා වශයෙන් සැලකේ. ජපානය ඉතා සශ්‍රීක ව පැවති මෙසමයෙහි ඉදිකැරුණු මහා මන්දිරවල බිත්ති සිතුවම් කිරීමේ කාර්යය භාර වූයේ එයිතොකු ප්‍රධාන කොට ඇති කානෝ සිත්තරුනටය. එහෙත් එම මන්දිරවලින් වැඩි සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇති බැවින් එයිතොකුගේ චිත්රවලින් දැනට විද්‍යමාන වනුයේ ස්වල්පයකි. කුගෝතෝහි ජුකෝඉන් සංඝාරාමයෙහි එයිතොකුගේ පැලලි චිත්‍ර දහසයක් දක්නට ලැබේ.
(සංස්කරණය: 1974)