එලිස් දූපත
සිංහල විශ්වකෝෂය වෙතින්
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට අයත්, නිව්යෝක් වරායේ පිහිටි කුඩා දූපතකි. ඇමෙරිකානු සංක්‍රමණ දෙපාර්තමේන්තුව මගින් විදේශ සංක්‍රමණිකයන් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයයි. කලින් මෙය සියලු ම විදේශිකයන් පිළිගනු ලබන මධ්‍යස්ථානය විය. දැන් මෙහි යවනු ලබන්නේ ගමන් බලපත්‍ර නොලත් සංක්‍රමණිකයන් පමණකි. සිය රටවලට ආපසු යවනු සඳහා ඔව්හු මේ දුපතේ නවත්වාගනු ලැබෙත්.
(සංස්කරණය: 1974)