ඒකාශීති බලි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බලි යනු අපල උවදුරු වැළැක්වීම සඳහා කරනු ලබන ශාන්ති ක්‍රමයකි (ඒ පිළිබඳ විස්තර බලි යටතෙහි දැක්වේ). ඒකාශීති බලි යන්නෙන් බලි අසූ එකක් ගැනේ. රව්‍යාදි ග්‍රහයන්ට අයත් එක් එක් මහ දශාවක අතුරු දශා නවය බැගින් යෙදේ. එබැවින් මහ දශා නවයට අතුරු දශා අසූ එකකි. මේ එක් එක් අතුරු දශාවට අඹා ශාන්ති කරන බලි අසූ එක ඒකාශීති බලි නම් වේ. මේ බලි අඹන ක්‍රම විවිධාකාර බැවින් එකක් පාසා විස්තර කිරීම දුෂ්කරය. හැම බලියකට ම හිං හතර පිහිටුවා යම, කාල, වායු, මෘත්‍යු යන රාක්ෂස රූප හතරක් සිව් කොන ඇඹීම ද සූර්යාදි නව ග්‍රහයන්ගේ රූප අවටින් ඇඹීම ද කරනු ලැබේ. ඇතැම් විට ආතුරයාගේ කේන්ද්‍ර මණ්ඩලය ද බලිය මැද පිහිටුවති.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකාශීති_බලි&oldid=11485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි