ඒයෝස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ග්‍රීක දේව කථාවන්හි එන අරුණ දෙවඟනයි. මෑ රෝමවරුන් විසින් හැඳින්වුණේ ඔරෝරා (බ.) නාමයෙනි. හයිපෙරියොන්ගේ හා තීයාගේ දුව වූ ද හීලියොස් (සූර්‍ය්‍යයා) සහ සෙලේනේ යන දෙදෙනාගේ සොහොයුරිය වූ ද මෝතොමෝ ඇස්ට්‍රියස්ගේ බිරිය මෙන් ම බොහෝ දෙනකුගේ ආදරවන්තිය ද වූවාය.

මනහර කෙස්කලඹින් යුත් ඈ, හෝමර් කිවියා කියන පරිදි, රෝස ඇඟිලි ඇත්තීය (රොඩොඩැක්ටිලෝන් ඒයෝස්). නැගෙනහිර සයුරේ නිදන ඈ හිමිදිරියේ යහනින් නැඟී කොකුම් පැහැති වතින් සැරසී සුදු අසුන් අදනා රන්රියකින් එලඹ සිය සොහොයුරා ළඟ ළඟ එන බව ලෝකයාට පළ කර සිටින්නීය.

ඒයෝස් දෙවඟන වෛදික උෂස් (බ.) දෙවඟනට බොහෝ සෙයින් සමානය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒයෝස්&oldid=11544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි