ඔඩෙස්සා (2)
සිංහල විශ්වකෝෂය වෙතින්
බටහිර ටෙක්සස්හි පිහිටි මෙනුවර අසල ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ දක්නා විශාලතම උල්කාස්ම නරාවන් (meteor craters) අතුරෙන් එකක් ඇත. අඩි 600ක අර්ධ විෂ්කම්භයක් ඇති එය ගැඹුරින් අඩි 150ක් පමණ වේ.
1920 දී මෙනුවර අසල ඛනිජ තෙල් සොයාගනු ලැබීමෙන් පසු පැට්රෝලියම් හා අනුබද්ධ කර්මාන්තායතන මෙහි ආරම්භ කොට ඇත. ජනගහනය (1960) 80,338කි.
(සංස්කරණය: 1974)