ඔල්වාරම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උල්වාරම; උල්ඇනියාව). චක්ෂු රෝගයකි. වාත හා සෙම් කෝපයෙන් උපදනා මේ ආබාධය නයනාර්බුද ගණයට අයත් වේ. බෙහෙත් ද්‍රව හා කල්ක ආලේප කිරීමෙන් ඔල්වාරම සාධ්‍ය වන්නේය. කළු ඉංගිරියාව හෙවත් චක්ෂුකනීනය උලක් මෙන් උඩට මතු වී පීඩා කරනුයේ උල් ඇනියාව හෙවත් උල්වාරම සෑදුණු කල්හිය. මෙය අසාධ්‍ය චක්ෂු රෝගයක් නොවේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔල්වාරම&oldid=11973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි